Friday, April 19, 2024

General line - 0115112241

පැරෂුට් පුහුණුවේදී මුහුදට වැටී කමාන්ඩෝ සෙබලෙක් ජිවිතක්ෂයට 




දියකාවා යුධ අභ්‍යාස මෙහෙයුමට සම්බන්ධව සිටි යුධ හමුදා කමාන්ඩෝ බලකායේ සෙබලෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඊයේ (20) සවස ත්‍රිකුණාමලය, කුච්චවේලි පොලිස් වසමේදී බවයි පොලිසිය සඳහන් කලේ.

කමාන්ඩෝ බලකායට අනියුක්ත මෙම යුධ හමුදා සෙබලා දියකාවා යුධ අභ්‍යාස මෙහෙයුමේ පැරෂුට් සන්දර්ශන පුහුණුවීම් වල යෙදී සිටියදී ඔහුගේ පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී දියේ ගිලි ඇත. එසේ මුහුදට වැටුණු යුධ හමුදා සෙබලාව ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කිරීමට යුධ හමුදාව පියවර ගත් අතර එහිදී ඔහු මියගොස් ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 4 වන යුධ හමුදා කමාන්ඩෝ බලකායට අයත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි යුධ හමුදා සෙබලෙක් බවයි පොලිසිය සදහන් කලේ.