Saturday, May 11, 2024

General line - 0115112241

අවශ්‍යතා ඇති පාසලකට පොතක් පරිත්‍යාග කරන්න මෙවරත් ඔබට අවස්ථාවක්




21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. ප්‍රදර්ශනය නැරඹීමට අද (21) පෙරවරුවේත් විශාල පිරිසක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණ සිටියා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර. 

ලබන 29 වනදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ අරමුණින් පොත් කැටයක් ද සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ පිහිටි නෙත් එෆ්. එම්. කුටියේ ස්ථාපිත කර තිබෙනවා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලුදෙනාට ඒ සඳහා පොත් පරිත්‍යාග කළ හැකියි.