Friday, April 19, 2024

General line - 0115112241

අපේක්‍ෂකයා ප්‍රමාදවීම අවාසියක් නොවේ - එජාප මහලේකම් කියයි

සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා මෙතෙක් නම් නොකිරීම අවාසියක් බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව එම පක්‍ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

සියළු පාර්ශව එක් කර ගනිමින් ඉදිරි දින කිහිපය තුළ සිය ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන බවයි මහලේකම්වරයා නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ.