Wednesday, April 24, 2024

General line - 0115112241

දඹුල්ලට එළවළු ගෙනා පුද්ගලයෙකුව පහරදී ඝාතනය කරයි

කාංචන කුමාර / අශෝක එරමිණිගම්මන




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන පැමිණි පුද්ගලයෙකු අද (21) අළුයම පහර කෑමකට ලක්ව මියගොස් තිබෙනවා. එලෙස පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ නුවරඑළිය, පතන, රාගල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.

එම පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටියදී ඔහු සන්තකයේ තිබූ මුදල් පසුම්බියක් තරුණයින් දෙදෙනෙකු විසින් කොල්ලකා තිබෙනවා. එම තරුණයන් පසුපස හඹා යමින් සිටි අදාළ පුද්ගලයා ආර්ථික මධ්‍යස්ථානයට යාබදව ඉදි කරමින් ඇති මහල් ගොඩනැගිල්ලකදී පහර කෑමට ලක්ව මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ පුද්ගලයා ආර්ථික මධ්‍යස්ථානය තුළට පැමිණෙන අවස්ථාවේදීද පුද්ගලයෙකු ඔහු පසුපස ගමන් කරන ආකාරයත් මුදල් පසුම්බිය පැහැරගත් තරුණයන් දෙදෙනා පිටුපස අදාළ පුද්ගලයා දිව යන ආකාරයත් ආරක්‍ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා. එම මුදල් පසුම්බිය පැහැරගත් පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේම වෙළද සැලක සේවය කරන අයෙකු බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.