Friday, March 29, 2024

General line - 0115112241

ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්

කසුන් කැලුම්




තායිලන්තයේදී පැවැත්වෙන ලෝක බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් බිහි කිරීමට ඉන්දික දිසානායක අද (21) සමත් වුණා. ඒ, කිලෝග්‍රෑම් 73 බර පන්තියේ තරගයට සහභාගි වෙමින්.

එහිදී ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 134 ක බරක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 164 ක බරක් එසවූවා. එම බර ප්‍රමාණයන් සහ සමස්ත තරගයේදී ඔහු විසින් එසවූ කිලෝග්‍රෑම් 298 ක බර ප්‍රමාණය නව ශ්‍රී ලංකා වාර්තාවන් වනවා.