Wednesday, April 24, 2024

General line - 0115112241

වැරදි නඩු පැවරීමට බලකළ දේශපාලනඥයින් කවුරුන්දැයි හෙළි කරන්න : අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරියට ජනපති කියයි

දිනුක් හේවාවිතාරණ




අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වුයේ තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් නිසාවෙන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21) ප්‍රකාශ කර සිටියා. ඒ ආරක්ෂක අමාත්‍යවරය ලෙස තමන්ගේ අනුදැනුමකින් තොරව  හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් අධිකරණයට රැගෙන යාම සිද්ධිය හේතුවෙන් බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

මිට මාස කිහිපයකට පෙර අගමැතිවරයා විසින් තමන්ට ලිපියක් යොමු කරමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් හට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකළ බවත් මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හිටපු අධ්‍යක්ෂක ජෙන්රාල්වරියගේ හඬ පටය අනුව ඇය එවැනි තනතුරක් දැරීමට සුදුසු නොවන බව මිට පෙරදීම තමන් ප්‍රකාශ කල බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ලෙස කටයුතු කරන සමයේදී ඇය විසින් ගොනු කර ඇති නඩු දේශපාලන පළිගැනීම් උදෙසා සිදුකර ඇති බවට දැන් හෙළිවී ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ලෙස කටයුතු කල ඇය සවස 6.00 න් පසුව අරලියගහ මන්දිරයේ දුෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ද සේවය කල බව පැවසූ ජනාධිපතිවරයා රජයේ වැදගත් තනතුරු දරන අය තමන්ගේ තනතුරු උපයෝගී කර ගනිමින් සිදුකර ඇත්තේ වැරදි ක්‍රියාවන් හෙළිවී ඇති බවයි කියා සිටියේ.

මාධ්‍යයට නිකුත් වී ඇති හඬ පටයේදී තමන්ට "පාදඩ දේශපාලනය නිසා මෙවැනි නඩු පැවරීමට සිදුවූ බවට" ප්‍රකාශ කර ඇති නිසා එවැනි වැරදි නඩු පැවරීමට තමන්ට බලකළ දේශපාලඥයින් කවුරුන්ද යන්න රටට හෙළි කල යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.