Thursday, March 28, 2024

General line - 0115112241

ක්‍රිකට් තරගාවලියේදී මත්පැන් පානය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් 03කට තරග සංචාරයක් තහනම්

කසුන් කැලුම්




ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර මත්පැන් පානය කළ ශී‍්‍ර ලංකා ක්‍රිකට් යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනෙකුට තරග සංචාරයක් තහනම් කර තිබෙනවා.

එම තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පසු මෙම යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනා නවාතැන් ගෙන සිටි හෝටලයේදී බීමත්ව සිටි බවටයි අනාවරණය වී ඇත්තේ.

එම කී‍්‍රඩකයින්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් බීමත්ව සිටි බව අනාවරණය වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම කී‍්‍රඩකයින් තිදෙනා එළඹෙන බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් කළ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.