Friday, April 19, 2024

General line - 0115112241

රංඩු කරන්න වෙන හේතුව හකීම් කියයි

හේරත් ඒකනායක




එළඹෙන සතිය වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට අග‍්‍රාමාත්‍යවරයා ස්ථිර විසදුමක් ලබාදෙනු ඇති බව අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා.

වත්තේගම ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී "මේ දවස්වල මාධ්‍යවල යනවා මටත් අග්‍රාමාත්‍යතුමාත් අතර විරසකයක් ඇතිවෙලා තියෙනවා කියලා. අපි සමහර අවස්ථාවලදී රංඩු කරනවා.. රංඩු වෙනවා. ඒ ඔක්කොම රජයේ සෙත වෙනුවෙන්. රජයේ එකමුතුකම වෙනුවෙන්. අපි බලාපොරොත්තු වෙනවා එන සුමානේ වෙනකොට ප්‍රශ්න ඔක්කොටම විසඳුමක් එතුමා ලබා දේවි කියලා. අපි බලාපොරොත්තු වන ජයග්‍රාහී අපේක්ෂකයා එතුමා නම් කරයි. නිතරම එක්සත් ජාතික පක්ෂයත් සමග සිටීමට එතුමා ඒ ධෛර්ය අපිට ලබා දෙයි." යනුවෙන්ද සඳහන් කළා.