Saturday, April 20, 2024

General line - 0115112241

"වාඩි වුණේ අර්බුදයක් ඕනේ නැති නිසා" - වාඩි වෙන්න කලින් තේරීම් කාරක සභා සාමාජිකයින් ඉදිරියේ වෙච්ච දේ ජනපති හෙළිකරයි




පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තමන්ගෙන් සාක්‍ෂි විමසීමේ අවස්ථාව මාධ්‍යයට අනාවරණ නොකළේ එම සභාවේ ඉල්ලීමකට අනුව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

තමන් මෙය මාධ්‍යයට විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබූ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී "මම කරන ප්‍රකාශය රටේ ජනතාවට දැක ගන්න මම සූදානම් කර තිබුණා. තේරීම් කාරක සභාවේ ඔක්කොම එක හඬින් කිව්වා මාධ්‍යට දෙන්න බැහැ. කැමරා අවශ්‍ය නෑ මෙතනට කියලා. " යනුවෙන් සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නාවුල ප‍්‍රදේශයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාතලේ දිස්ති‍්‍රක් සමුළුව අමතමින්.