Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ තෙවන දිනය අද - ‘සතුට 2’ අලෙවිය සඳහා සූදානම්

කසුන් කැලුම්/ලහිරු කපුගේ




21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (22) තුන්වන දිනයයි. ඊයේ (21) දිනයේ ද ප‍්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය වෙත පැමිණ සිටි බවයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ. 

ලබන 29 වැනිදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ අරමුණින් පොත් කැටයක් ද සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ‍්‍රයේ පිහිටි නෙත් එෆ්. එම්. කුටියේ ස්ථාපිත කර තිබෙනවා.

ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලූදෙනාට ඒ සඳහා පොත් පරිත්‍යාග කළ හැකියි.

මේ අතර කළමණාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය විසින් රචිත ‘සතුට 2’ ග‍්‍රන්ථයද අළෙවිය සඳහා අද එළි දැක්වෙනවා. මෙම ග‍්‍රන්ථය රචනා කර ඇත්තේ සෑම බ‍්‍රහස්පතින්දාවකම රාතී‍්‍ර 7.30 ට ප‍්‍රචාරය කෙරෙන නෙත් එෆ්. එම්. සතුට වැඩසටහන ඇසුරෙන්. ‘සතුට 2’ ග‍්‍රන්ථය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ ස්ථාපිත නෙත් එෆ්. එම්. කුටියෙන් මිළදී ගැනීමටද හැකියි.