Friday, April 26, 2024

General line - 0115112241

කලු සහ නිල්වලා ගංඟා අවට ජනතාවට අනතුරු ඇඟවිමක්




පවතින වැසි තත්ත්වය හේතුවෙන් කලුගඟේ සහ නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ යමින් තිබෙනවා. නිල්වලා ගඟ පනාදුගම ප්‍රදේශයෙන් පවතින්නේ මහා ගංවතුර තත්ත්වයකයි. කෙසේවෙතත්, එහි ජල මට්ටමේ වැඩිවීමක් පෙන්නුම් නොකරන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත්, කලුගගේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් වැඩිවෙමින් ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. 

මේ අතර නිල්වලා ගගේ ජල මට්ටම සම්බන්ධයෙන් මාතර, කඩවත්සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, පිටබැද්දර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගාල්ල, බද්දේගම ප්‍රධාන මාර්ගය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක අතුරු මාර්ග ජලයෙන් යටවී තිබුණා. නාරාවල, කොහොඹලාදෙණිය, සිට්ට්‍රස් හංදිය ප්‍රදේශයේ නිවාස 10ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මේ අතර දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීද, අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.