Thursday, April 18, 2024

General line - 0115112241

අගමැති සමග ඇති ගැටුම ගැන ජනපති කතා කරයි

ටී කේ මහින්ද




ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගොඩනැගිය යුත්තේ රට වෙනුවෙන් දේශපාලනය කරන පිරිසකගේ පෙරමුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හොරුන්, දූෂිතයින්, පාතාලයින් සහ මිනීමරුවන් සිටින කිසිඳු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමි නොවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ මාතර පැවැති උත්සවයකට එක්වෙමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමා අතර ඇති විරසකය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. 

ඉදිරි ජනාධිපතිවරණය ද ජයග්‍රහණය කළ හැක්කේ වාම ප්‍රගතිශීලී පෙරමුණු දේශපාලන ව්‍යාපාරයක් තුළින් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.