Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාවට ගිය ඉන්දීය අගමැති ඉතිහාසය වෙනස් කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ ධවල මන්දිරය තුල ඉන්දියාවේ සැබෑ මිතුරා සිටින බව අග‍්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි පවසනවා.

ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම අදහස් පළ කළේ අමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පැවති ‘‘හවුඩි මෝදි’’ රැළියේදීයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ඉහළ පිලිගැනීමක් හිමිවුණු මෙම රැළියට 50,000ක පමණ පිරිසක් සහභාගී වුණා. එහිදී අග‍්‍රාමාත්‍ය මෝදි පිලිගනු ලැබුවේ සුපිරි තරුවකට සමානවයි. මෙම රැළිය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ද එක්ව සිටීම විශේෂත්වයක්.

විනාඩි 90ක කාලයක් පුරා පැවැති රැළිය සංගීතයෙන් හා නැටුම්වලින්ද විචිත‍්‍රවත් වූ අතර ඊට එක්වූ සංගීත සහ නර්තනවේදීන් ගණන 400 ක් පමණ වනවා.

දෙරටේ පළුදු වූ හොඳහිත යලි වර්ධනය කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් බව ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප් පැවසූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. විදෙස් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් අමෙරිකාව තුල මෑතකදී සංවිධාන කර තිබූ විශාලම ජනරැළිය ද මෙයයි. 

අමෙරිකාවේ වඩාත්ම විශ්වාසදායකම මිතුරා මෙන්ම ශ්‍රේෂ්ඨතම මිතුරා වන්නේද, ඉන්දියාව බවයි අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.