Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රාණ ඇපයට ගත් ලාංකිකයන් දෙදෙනා බේරා ගැනේ (UPDATE)




බංග්ලාදේශයේ ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි නම් ආපනශාලාවේ ප්‍රාණ ඇපයට තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගෙන තිබෙනවා.

 

 
බංග්ලාදේශයේ වැඩ බලන මහකොමසාරිස් සේසත් තාබුගල මහත්මිය නෙත් නිවුස් වෙත ඒ බව තහවුරු කළා.

 

 

………………………………………………………………

ලාංකිකයන් දෙදෙනෙක් අයි.එස්. ප්‍රාණ ඇපයේ(UPDATE)

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් බංග්ලාදේශයේ ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි නම් ආපනශාලාවේ ප්‍රාණ ඇපයට තබා ගෙන සිටින බව බංග්ලාදේශයේ වැඩ බලන මහකොමසාරිස් සේසත් තාබුගල මහත්මිය පවසනවා.
රාජ්‍ය තාන්ත‍්‍රිකයින් වෙසෙන මෙම ප‍්‍රදේශයේ ආපනශාලාවක පොලිසිය සහ සන්නද්ධ කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු මෙහිදී මියගොස් තිබෙනවා.
මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබෙනවා.

………………………………………………………………

බංග්ලාදේශයේ අයි.එස්.ප්‍රහාරයක් – ලාංකිකයන් ප‍්‍රාණ ඇපයේ දැයි සැකයක්

 

බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත‍්‍රිකයින් වෙසෙන ප‍්‍රදේශයේ ආපනශාලාවක පොලිසිය සහ සන්නද්ධ කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබෙනවා.

 

පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු මෙහිදී මියගොස් තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

 

ශුල්ෂාන් දිස්ත‍්‍රික්කයේ හෝලි ආටිසන් බේකරි නම් ආපනශාලාවේ මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.

 

සන්නද්ධ කණ්ඩායම විසින් ආපනශාලාව තුළ පිරිසක් තවමත් ප‍්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

ඒ අතර ශ‍්‍රී ලාංකිකයින් ද සිටීදැයි සැක පළව තිබෙනවා.

 

කෙසේ වෙතත් ඊට අදාළව තහවුරු කළ හැකි තොරතුරු කිසිවක් තවමත් තමන් වෙත ලැබී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ.

 

අදාළ ආපනශාලාව පිහිටි ප‍්‍රදේශය පොලිසිය සහ හමුදාව විසින් මේ වන විට සිවිල් වැසියන්ට ඇතුළු විය නොහැකි පරිදි ආවරණය කර තිබෙනවා.

 

ප‍්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බවයි අයි.එස්. සංවිධානය පවසන්නේ.

_90194913_033833237 _90194942_a019b061-1449-4f02-9d9e-29e82adfcc1b _90196619_033836422