Friday, March 29, 2024

General line - 0115112241

 "SLT Speedup" දැවැන්ත පාපැදි සවාරියට සියල්ල සුදානම් 




මෙරට පාපැදි ක්‍රීඩාවේ නව යුගයක් ආරම්භ කරමින් SLT වෙතින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපැදි ඉසව්ව බවට පත්වන "SLT Speedup" පාපැදි සවාරිය අඛණ්ඩව සිව්වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මෙහි ප්‍රධාන තරග ඉසව්ව බවට පත්වන අදියර 05 කින් යුතුව සමන්විත පිරිමි පාපැදි සවාරිය පළාත් 09 ම ආවරණය වන පරිදි ගමන් මග යෙදී තිබීම කැපී පෙනෙන අතර නුවර එලිය හරහා මෙවැනි පාපැදි සවාරියක් ගමන් කරන්නේ වසර 20 කට පසුවයි. මෙරට පාපැදි කේෂ්ත්‍රයට අගනා අවස්ථාවක් අත්කර දෙමින්   "SLT Speedup" පාපැදි සවාරියට එක් කර ඇත.

ජයග්‍රාහකයා සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ඇතුළුව දැවැන්ත තෑගී හිමිවන පිරිමි පාපැදි තරගය මෙවර කිලෝමීටර් 813ක් දක්වා දිවෙනවා. ඒ අනුව කොළඹින් ඇරඹි පානදුර, රත්නපුර හරහා ඇඹිලිපිටිය දක්වා පළමු අදියරත්, ඇඹිලිපිටිය සිට වැල්ලවාය හරහා බණ්ඩාරවෙල දක්වා දෙවන අදියර පැවැත්වේ. 

අනතුරුව නුවරඑලිය, මහනුවර සිට කුරුණෑගල දක්වා තෙවන අදියර යෙදී තිබේ. සිව්වැනි අදියර කොටස් දෙකකින් යුක්තයි. එහිදී කුරුණෑගල සිට අනුරාධපුරය හරහා වව්නියාවට පළමු අදියරත්, දෙවැනි අදියර වව්නියාව සිට ත්‍රිකුණාමලය දක්වා දෙවැනි අර්ධයත් පැවැත්වීමට නියමිතයි.

පාපැදි සවාරියේ පස්වන අදියර ත්‍රිකුණාමලයේ සිට දඹුල්ල දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත්තේ.

 "SLT Speedup" පාපැදි සවාරියේ කාන්තා අංශය අදියර දෙකකින් පැවැත්වේ. එහි පළමු අදියර කොළඹ සිට කුරුණෑගල දක්වාත් දෙවන අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් පැවැත්වේ.

හඳුන්වාදෙන  "SLT Speedup" කනිෂ්ඨ තරගාවලිය දඹුල්ලෙන් ඇරඹි කැකිරාව හරහා යලි දඹුල්ල දක්වා කිලෝමීටර් 166 ක දුරකින් යුත් තරගයක් ලෙස පැවැත්වේ. මේ සඳහා වයස අවුරුදු 16-19 දක්වා පාපැදි ධාවකයින්ට එක්වීමට අවස්ථාව උදාවේ. විවෘත තරගයක් වන මේ සඳහා සහභාගිවන ධාවකයින් ආරක්‍ෂිත හිස්වැසුම් පැළද සිටීම අනිවාර්ය බවයි තරග සංවිධායකවරුන් පවසන්නේ.

 "SLT Speedup" තරගයේ ජය සංකේත උත්සවය මාතලේ, නාඋල නගරයේ පැවැත්වීමට සුදානම් කර ඇති අතර එයට සමගාමිව සංගීත සංදර්ශනයක් ද පැවැත්වේ.