Wednesday, April 24, 2024

General line - 0115112241

කෙන්යාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් හත් දෙනෙකු මරුට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන 64 ක්. විදෙස් වාර්තා පැවසුවේ ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවයි.

කඩා වැටුනු ගොඩනැගිල්ල දැවයෙන් ඉදිකරන ලද්දක් වන අතර පාසල ආරම්භ කිරීමට සුළු වේලාවකට පෙර අනතුර සිදුව තිබුණා. පාසල අසලින් ඉදිකරන ලද මල අපවහන පද්ධතියක් හේතුවෙන් ගොඩනැගිල්ලේ අත්තිවාරම දුර්වලවී අනතුර සිදුවූ බවටයි පාසලේ විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එහෙත් පාසලේ ගොඩනැගිලි නිසි ප්‍රමිතියකට ඉදිකර නොමැති බවත් අනතුරක් සිදුවන තෙක්ම පාලනාධිකාරිය බලා සිටි බවටත් ඇතැමුන් චෝදනා නගනවා.