Friday, March 29, 2024

General line - 0115112241

වෙඩි හුවමාරුවකට මැදිවු මංගල සාදයක පුද්ගලයින් 40ක් ජිවිතක්ෂයට

දිනුක් හේවාවිතාරණ




මංගල සාදයක් පැවති නිවසක සිටි පුද්ගලයින් 40 දෙනෙකු වෙඩි හුවමාරුවකට මැදිවිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අමෙරිකානු හමුදාවේ සහය ලබන ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදාවන් සහ තලෙයිබාන් සටන්කාමින් අතර සිදුවු මෙම වෙඩි හුවමාරුවට මැදිවිමෙන් මියගිය සිවිල් වැසියන් 40 දෙනා අතරට කුඩා දරුවන් 12 දෙනෙක් ද සිටින බවයි එරට බලධාරින් වාර්තා කරන්නේ.

ඇෆ්ගනිස්ථානයේ, හෙල්මාන්ඩ් ප්‍රාන්තයේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි තලෙයිබාන් සටන්කාමින් විසින් පවත්වාගෙන ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කරනු ලබන නිවසක් වැටලිමේදි මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අමෙරිකාවේ සහය ලබන ඇෆ්ෆනිස්ථාන යුධ හමුදාවේ කමාන්ඩෝ සෙබළුන් විසින් මෙම තලෙයිබාන් සටන්කාමින් ගේ පුහුණු කදවුර වැටලිමට යාමේදි ත්‍රස්තවාදින් විසින් වෙඩි සහ බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇති අතර ආරක්ෂ හමුදාවන් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කොට ඇත.

තලෙයිබාන් සටන්කාමින් රැදි සිටි නිවෙස ආසන්නයේ පිහිටි නිවසක ඒ අවස්ථාවේදි සාම්ප්‍රදායික මංගල උත්සවයන් වෙනුවෙන් පවත්වන මෙහෙන්දි චාරිත්‍රයන් සිදු කෙරෙමින් තිබි ඇත.

ආරක්ෂක අංශ සහ තලෙයිබාන් සටන්කාමින් අතර පැවති වෙඩි හුවමාරුවට ගොදුරුවි ඇත්තේ එම මංගල උත්සවයට සහභාගිවෙමින් සිටි පිරිස් බවයි ඇෆ්ගනිස්ථාන බලධාරින් සදහන් කරන්නේ.

මෙම මංගල උත්සවයට සහභාගිවු පුද්ගලයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අහිංසක සිවිල් වැසියන් රැදි සිටින මංගල උත්සවයක් බවට පුන පුනා ප්‍රකාශ කරද්දි ඇෆ්ගනිස්ථාන රජයේ හමුදාවන් මෙම මෙහෙයුම සිදුකල බවයි.