Friday, March 29, 2024

General line - 0115112241

පාකිස්තානයේ භූ කම්පනයක් - 300කට තුවාල

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාකිස්තානයේ නැගෙනහිර ප‍්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 5.8 ක ප‍්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක බලපෑම් එල්ල වුණා. ඉන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමුන්ද වනවා. 

පාකිස්තානයට අයත් කාශ්මීර දේශසීමාව ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති බැවින් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට මෙන්ම ඉන්දියාවේ දිල්ලි නුවරට ද එහි කම්පන තත්ත්වය දැනී තිබූ බව සඳහන්.

භූ කම්පනයේ බලපෑම හමුවේ මාර්ග, පාලම් සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර නිවාස රැසක්ද සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ. 

පාකිස්තානයට මෙලෙස ප‍්‍රභල භූ කම්පනයක බලපෑම් එල්ල වූයේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා පාකිස්තානය බලාගොස් සිටින පසුබිමක් තුළයි.