Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වෙළඳපොලට ප්‍රථම වරට 3D Book Cover




ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 3D Book Cover සහිත පොත් වෙළඳ පොළට එකතු කිරීමට ඇට්ලස් සමාගම පසුගියදා කටයුතු කළා. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙම පොත එළිදැක්වීම සිදුකළ අතර එය සංකේතවත් කරමින් ප්‍රථම 3D පොත  ඇට්ලස් සමාගමේ සන්නාම ලාංඡන කළමණාකාර නවෝමි ජයවර්ධන අතින් එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර වෙත පිළිගන්වනු ලැබුවා.

වසර 60 පුරාවට ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ විශ්වාසය දිනූ ඇට්ලස් සමාගම දරුවන්ට හොඳම දේ ලබා දීමට කටයුතු කරන බවත්, එහි තවත් එක් පියවරක් ලෙස මෙලෙස 3D පොත් එළි දැක්වීම සිදුකළ බවත් එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඇට්ලස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර ප්‍රකාශ කළා.

මේ අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන ඔබට ඇට්ලස් Future Land කුටිය වෙත පැමිණ  Max Force VR Game සහ තවත් Digital Games රැසක් ඇතුළු තරඟ වලට සහභාගී වී තෑගි දිනාගැනීමේ හැකියාවද පවතිනවා.