Friday, March 29, 2024

General line - 0115112241

ලොව වේගවත්ම මිනිසා බවට කි‍්‍රස්ටියන් කොලමන් පත් වේ

කසුන් කැලුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




2019 ලෝක ශූරතා මළල කී‍්‍රඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූර කි‍්‍රස්ටියන් කොලමන් ඊයේ (28) සමත් වුණා.

ලෝක ශූරතා මළල කී‍්‍රඩා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෝහා කටාර්හිදීයි. මෙහිදී අමෙරිකානු කෙටි දුර ධාවන ශූර ජස්ටින් ගැට්ලින් පරාජයවීම විශේෂත්වයක්.

ඊයේ පැවති මීටර් 100 ධාවන ඉසව්වේදී කි‍්‍රස්ටියන් කොලමන් තත්පර 9 .76 ක දක්‍ෂතාවක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනා ගත්තා.

ජස්ටින් ගැට්ලින් තත්පර 9.89 ක දක්‍ෂතාවක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කම හිමි වූයේ තත්පර 9.9 දක්‍ෂතාවක් වාර්තා කළ කැනඩාවේ අන්ද්‍රේ දී ග‍්‍රාස්ටයි.