Wednesday, April 24, 2024

General line - 0115112241

වෙරළ තීරයේ වටිනාකම රටට කියා දෙන නාවික හමුදාව (PHOTOS)

තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර




මිනිසාගේම කි‍්‍රයාකරකම් හේතුවෙන් රටවටා ඇති සුන්දර වෙරළ තීරයට හානි වන සිද්ධීන් පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා වුණා. සෑම සඳුදා දිනකම ගෙන එන ගුඞ් නිවුස් විශේෂාංගයෙන් අද (30) අනාවරණ කරන්නේ වෙරළ තීරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන පිරිසක් පිළිබඳවයි.

යුද සමයේදී මුහුදෙන් එල්ල වන සතුරු තර්ජනවලින් රට රැකගත් නාවික හමුදාව එම කටයුත්තට මූලිකත්වය ගෙන තිබෙනවා. ඔවුන් ඉකුත් සති අන්තයේදී කඩොලාන පැළ සිටුවමින්, වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන දියත් කළේ පාසල් ළමුන් ද සහභාගී කර ගනිමින්.

ඒ, මන්ඩතිවු දූපත, ඩෙල්ෆ් වෙරළ තීරය, කන්කසන්තුරය වරායේ සිට තල්සෙවණ දක්වා වූ වෙරළ තීරය ඇතුළු උතුරේ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින්.

ඒ පිළිබඳ පැහැදිළි කළ නාවික හමුදාවේ මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ "සාගරයට අපද්‍රව්‍ය මුදා හැරීම තුළින් පරිසරය අසුන්දර වී ඇති බව පේනවා. මෙම කටයුතු සඳහා පාසල් ළමුන් යොදා ගත්තේ ඔවුන් තුළ මෙම හොඳ පුරුදු පෝෂණය කරන්නට පහසු නිසයි." යනුවෙනි. 

ඔබ ජලයට බැහැර කරන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය හේතුවෙන් සාගර ජීවීන්ට පමණක් නොව පෙරළා මිනිසාට ද හානිගෙන දෙන ආකාරය කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය ද මෙලෙස පැහැදිළි කළා. 

"ඔබ කරන ක්‍රියාව ආපසු ඔබටම හැරී එන්න පුළුවන්. එහෙනම් අපේ ක්‍රියාව වෙනස් කළා නම් තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතය ද බේරා ගැනීමට පුළුවන්."