Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන තරගය අද - කමාන්ඩෝ ඇතුළු හමුදාවේ 8000ක් ආරක්ෂාවට

තරංග රුක්ෂාන්/කසුන් කැලුම්




ලොවක් බලා සිටින සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (30) පැවැත්වෙනවා.

ඒ, කරච්චි ජාතික කී‍්‍රඩාංගණයේදීයි.

දෙරට අතර තරග 3 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා. කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඇති සම්භාවිතාව සියයට 10 ක් පමණ බවයි.

ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට තරගය ආරම්භවීමට නියමිතයි.

ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් වසර 10 කට පසු විදෙස් කි‍්‍රකට් කණ්ඩායමක් පාකිස්තානයේ දීර්ඝ තරග සංචාරයක නිතර වන පළමු අවස්ථාව මෙයයි. පාකිස්තානයේ කරච්චි ජාතික කී‍්‍රඩාංගණයේදී ජාත්‍යන්තර එක්දින තරගයක් අද පැවැත්වෙන්නේ වසර 10 කට පසුව වීමද විශේෂත්වයක්. 

පාකිස්තානයේ සංචාරයක නිරත ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්‍ෂාවක් ලබාදීමටයි පාකිස්තාන රජය කටයුතු කර ඇත්තේ. 

ඒ සඳහා පාකිස්තානු කමාන්ඩෝ භටයින් ඇතුළු හමුදා සෙබළුන් 8,000 ක් පමණ තරග සංචාරයේ ආරක්‍ෂාවට යොදවා සිටිනවා.