Friday, March 29, 2024

General line - 0115112241

රණවිරු සත්‍යග්‍රහය අවසන්

සජිත් තිලකරත්න




රණවිරු සංවිධාන කිහිපයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදු කළ සත්‍යග්‍රහය අද අවසන් කෙරුණා. ඒ, පළමුව අමාත්‍ය සජිත් ප්‍රේමදාසද පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුවයි. 

රණවිරු ඉල්ලීම්වලට සංවේදී වී ඔහුන්ගේ ගැටළු හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සාකචඡාවේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. 

මේ අතර සත්‍යග්‍රහයේ යෙදී සිටි රණවිරුවන් සමග සාකච්ඡාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තම ආණ්ඩුවක් යටතේ රණවිරු ගැටළු කඩිනමින් විසදාලන බවයි. 

පැවති මෙම සාකච්ඡාවලින් අනතුරුව සත්‍යග්‍රහය අවසන් කළ රණවිරු සංවිධාන පැවසුවේ තමන් වෙත පැමිණි දේශපාලන නියෝජිතයන් ලබා දුන් පොරොන්දු විශ්වාස කරන බවයි. පොරොන්දු කඩ වුවහොත් යළි අරගල ආරම්භ කරන බවද ඔවුන් පැවසුවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ සභාපති යූ ඩී වසන්ත.

සත්‍යග්‍රහය අවසන් කළ රණවිරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඉදිකල තිබූ තාවකාලික අට්ටාලයද ඉවත් කර දැමුවා.