Thursday, April 25, 2024

General line - 0115112241

චමල්. වෙල්ගම, රියර් අද්මිරාල් සරත් වීරසේකර ජනපතිවරණයට ස්වාධීනව ?

හේමන්ත කහවලගේ




ඉදිරි ජනාධිපතිවරණය සදහා ස්වාධීනව තරග වැදීමට අපේක්‍ෂාවෙන් සිටින පාර්ලිමේන්තුවේ වත්මන් සහ හිටපු මන්තී‍්‍රවරුන් පිරිසකට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඊට අදාළ අවසර හිමි ලිපි නිකුත් කර තිබෙනවා. 

ඒ අතර චමල් රාජපක්‍ෂ සහ කුමාර වෙල්ගම යන වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන බවයි පාර්ලිමේන්තුවේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. එමෙන්ම ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොල, සමරවීර වීරවන්නි සහ අශෝක වඩිගමංගාව යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. 

ඔවුන් සදහාද අදාළ අවසර හිමි ලිපි නිකුත් කර ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රියර් අද්මිරාල් සරත් වීරසේකර සදහා ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස ස්වාධීනව ඉදිරිපත්වීම සදහා අවසර හිමි ලිපිය නිකුත් කර තිබෙනවා. මෙම හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා අදාළ ලිපි නිකුත් කර ඇත්තේ ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්තී‍්‍රවරුන් ලෙස සනාථ කරමින්. 

පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි, එම් එල් ඒ එම් හිස්බුල්ලා, පියසිරි විජේනායක යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටද අදාළ අවසර ලිපි නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් විය හැක්කේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස පමණයි. ඒ සදහා ඔවුන් පාර්ලිමේන්තුවෙන් අවසර ලබා ගතයුතු වනවා.