Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට එක් වූ 36 දෙනාම ගෝඨාට එරෙහි නොවෙයි

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ (05) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එහි සාමාජිකයින් බොහෝදෙනෙකු ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීම සඳහා සුභවාදී ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී මධ්‍යම කාරක සභාව වෙත දැනුම් දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය අදහස් ප‍්‍රකාශ කරන ලෙසයි.

මෙම අවස්ථාවේ ලකුණ පිළිබඳ නොසිතා, ගෝ්ඨාභය රාජපක්ෂට සහය දැක්විය යුතු බවයි එහිදී අදහස් දක්වමින් ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ප‍්‍රකාශ කර ඇත්තේ. අනතුරුව ඔහුගේ ප‍්‍රකාශය බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ද අනුමත කර තිබෙනවා.

ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල සහ ජගත් පුෂ්පකුමාර යන පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ද ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා. ඔවුන් ඇතුළු ඊයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට එක්වූ නියෝජිතයින් 36දෙනාම ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට එරෙහි නොවූ බවයි වාර්තා වන්නේ.