Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රීඩකයින් වෙනුවෙන් පිසින ආහාර ක්‍රීඩකයින්ට පෙර ක්‍රීඩා බලධාරියාගේ සුරතල් සුනඛයාට - ක්‍රීඩකයින්ට සෞඛ්‍ය ගැටලු රැසකුත් (VIDEO)




මෙරට කී‍්‍රඩා බලධාරියෙකුගේ සුරතල් සුනඛයෙකු හේතුවෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් සෞඛ්‍ය ආශි‍්‍රත ගැටලූ කිහිපයකට මුහුණ දී සිටින බවට වාර්තා වනවා.

මෙම තත්ත්වය වාර්තා වන්නේ ටොරිංටන්හි පිහිටි කී‍්‍රඩා අමාත්‍යංශයට අයත් ජාතික සංචිතයේ කී‍්‍රඩකයින්ගේ කී‍්‍රඩා නේවාසිකාගාරයේයි. සුරතලා සමග කී‍්‍රඩා බලධාරියා රැඳී සිටින්නේ ද එම නේවාසිකාගාරයේ 03 වන මහලේයි. බර ඉසිලීම, මළල කී‍්‍රඩා, දැල් පන්දු, වොලිබෝල් සහ පාපන්දු යන කී‍්‍රඩාවල පුහුණුවීම් සිදු කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පළමුවන සහ දෙවන මහලේ රැඳී සිටිනවා. 

කෙසේවෙතත්, අදාළ සුනඛයා හේතුවෙන් සෙසු සියලූ මහල්වලට බලපෑම් එල්ල වන බව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් චෝදනා කරනවා. මේ හේතුවන් සෞඛ්‍ය ගැටලූ මතුව ඇති බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ.

කී‍්‍රඩකයින්ට සකස් කරන ආහාර කී‍්‍රඩකයින්ට පෙර අදාළ සුනඛයාට ලබා දෙන බවට ද වාර්තා වනවා. කී‍්‍රඩකයින් වෙනුවෙන් සකස් කර ඇති මෙම නේවාසිකාගාරවල කී‍්‍රඩා බලධාරීන් රැඳී සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.