Friday, April 19, 2024

General line - 0115112241

අද තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාවට වාර්තා පොත් අතරට යන්න අවස්ථාවක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගය අද (07) පැවැත්වෙනවා.

ඒ, ලාහෝර් කී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියට තරග 03 ක් ඇතුළත්.

පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබූ ශ‍්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණේ පසුවනවා.‍

අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් පාකිස්ථානය ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත්වන පළමු අවස්ථාව මෙයයි.