Friday, March 29, 2024

General line - 0115112241

අල්කයිඩා ප්‍රබලයෙකු ලෙස සැළකෙන අසීම් උමාර් ඝාතනය වී ඇති බවට වාර්තා

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අල්කයිඩා ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබලයෙකු සේ සැලකෙන, එම සංවිධානයේ දකුණු ආසියානු ප‍්‍රධානී අසීම් උමාර් ඝාතනයට ලක්ව තිබෙනවා. ඇෆ්ගනිස්තාන බුද්ධි ඒජන්සිය පවසන්නේ අමෙරිකාව ප‍්‍රමුඛ සිය හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි. කෙසේවෙතත්, අමෙරිකාව හෝ අල්කයිඩා සංවිධානය විසින් අසීම් උමාර්ගේ ඝාතනය පිළිබඳ මෙතෙක් තහවුරු කර නැහැ. 

අදාළ මෙහෙයුමේදී ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් ප‍්‍රාන්තයේ හඳුනාගැනුණු ත‍්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කෙරුණා. එම ප‍්‍රහාරවලදී සිවිල් වැසියන් 40 දෙනෙකු ද ඝාතනයට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් අදාළ මෙහෙයුමේදී අසීම් උමාර් ද ඇතුළුව අල්කයිඩා ත‍්‍රස්ත සාමාජිකයින් 06 දෙනෙකු මියගිය බවයි ඇෆ්ගනිස්තාන බුද්ධි අංශ පවසන්නේ. එලෙස මියගිය ත‍්‍රස්ත සාමාජිකයින් අතර පාකිස්තානුවන් සිටින බව ද ඇෆ්ගනිස්තාන බුද්ධි අංශ අනාවරණ කරනවා.