Wednesday, April 24, 2024

General line - 0115112241

සංචිතයට එක්වීමට තවත් අවස්ථාව ඇති ක්‍රීඩකයින් කිහිපදෙනා ගැන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කියයි




ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට පමණක් ශ‍්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට එක්වීමට අවස්ථාව ඇති බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා.

ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

පාකිස්තානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසන්ත ද මෙල් මේ බව කියා සිටියා. 

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව නිමාවූ 20 යි 20 තරග දෙකේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් දැක්වූ දක්ෂතා පිළිබඳ තමන් අතිශය සතුටුවන බවයි අසන්ත ද මෙල් මෙහිදී ප‍්‍රකාශ කළේ. 

ශ‍්‍රී ලංකා - පාකිස්තාන 03 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේදී අද (09) රාතී‍්‍ර 07.00 ට ආරම්භවීමට නියමිතයි.