Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රීලනිප තීන්දුවත් සමග තවත් පක්ෂයක් ගෝඨාභයගේ සහයට

කසුන් කැලුම්/දිල්ශාන් තුෂාර/මහේෂ් චතුරංග




පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.  

එහිදී "තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයේ තීරණය ගැන තාම මාධ්‍යට කියලා නෑ. එතුමන්ලා අපිත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කළ පක්ෂයක්. පෙරේදා රාත්‍රියේ අපිව හමුවුණා. ඒ වෙලාවේ කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවත් සමග ඉන්නවා කියලයි. ඒ කියන්නේ තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප කිරීම් කරනවා." යනුවෙන් සඳහන් කළා.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවේදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පැවසුවේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙන ජනරැළියට සිය පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද සහභාගී වන බවයි. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන පළමු ජනරැළිය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. මෙම ජනරැළිය අද පස්වරු 02.00 ට අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදී ආරම්භ වන බවයි ඔහු සඳහන් කළේ.