Friday, April 19, 2024

General line - 0115112241

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




සිරකරුවන්ට සහ රක්ෂිත බන්ධනාගාර ගතව ඇති රැඳවියන්ට ඡන්ද අයිතිය ලබා දීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (09) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා. එම පෙත්සම ගොනු කරනු ලැබුවේ සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව විසින්.

ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනමත විචාරණ ආදී ඡන්ද විමසීම්වලදී සිරකරුවන්ට සහ රක්ෂිත බන්ධනාගාර ගතව ඇති රැඳවියන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍යවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. ඡන්ද අයිතිය නොලැබීම හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි පෙත්සම් මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.