Wednesday, April 24, 2024

General line - 0115112241

අභූත චෝදනා මත සිරගත කළ රණවිරුවන් නිදහස් කරන බව ගෝඨා අනුරපුර රැළියේදී කියයි

සමන්ත කුමාර / මහේෂ් චතුරංග




සිය පාලනයක් යටතේ අභූත චෝදනා මත සිරගත කර සිටින රණවිරුවන්ට නිදහස ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ මංගල රැළිය අමතමින් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මේ බව කියාසිටියා.

අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ පැවති මෙම රැළියට ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පැමිණියේ පස්වරු 4ට පමණයි. ඔහු සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක මෙම ජනරැළියට එක්වීම විශේෂත්වයක් වුණා. එහිදී රැළිය ඇමතූ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ. 

සිය රජයක් යටතේ ගොවීන්ට පොහොර නොමිළේ ලබාදෙන බවද ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මෙහිදී කියාසිටියා.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමුළුව ඇමතුවේ මෙලෙසයි.

එහිදී සමුළුව ඇමතූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්ද ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව  සිටියා. පසුගියදා ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව් බී ඒකනායකද මෙම රැළියට එක්ව සිටීම විශේෂත්වයක්.