Thursday, April 18, 2024

General line - 0115112241

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම හෙට අත්සන් තැබේ

මහේෂ් චතුරංග




ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට හෙට අත්සන් තැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. හෙට පෙරවරු 10.30 ට කොළඹ පදනම් ආයතනයේදී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකමතිකව තීරණයකට එළඹ තිබෙනවා. ඒ පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද එහිදී අදහස් පළ කළා.