Thursday, April 25, 2024

General line - 0115112241

ආර්ථිකයේ පරිවර්තනයකට සූදානම් බව සජිත් කියයි

සජිත් තිලකරත්න




විශේෂඥයන්ගේ සහ වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් මෙරට ආර්ථිකයේ පරිවර්තනයක් සිදුකිරීමට සූදානම් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවති සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

සෞභාග්‍යමත් ජාතියක් බිහිකිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද එහිදී සාකච්ඡා කෙරුණා. අමාත්‍ය පාඨලී චම්පික රණවකද මෙම සංවාදයට එක්වුණා.