Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙයි

සමන්ත කුමාර




පාකිස්තාන කණ්ඩායම සමග අද පැවැත්වෙන 3 වන හා අවසන් විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 4  අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 28 ක් ලබා සිටියා. 

මෙම තරගාවලියේ පළමු තරග දෙකෙන්ම ජය හිමිවූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමටයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගත හොත් ඔවුන් පන්දුවාර 20 පූර්ණ කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කරන පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනවා.