Friday, April 19, 2024

General line - 0115112241

"දින්නොත් පත් කරන කැබිනට් මණ්ඩලය හැකිනම් කියන්න" - ජවිපෙන් දෙපාර්ශ්වයටම අභියෝගයක්




හැකිනම් තමන් ජයග‍්‍රහණය කළහොත් පත් කරන කැබිනට් මණ්ඩලය ප‍්‍රකාශයට පත් කරන්නැයි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සහ ශ‍්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයන්ට අභියෝග කරන බව ජාතික ජනබලවේගය පවසනවා.

එහි සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා. 

මැතිවරණයක ප‍්‍රතිපලය තීරණය කරන පාවෙන ඡන්ද දායකයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මෙහිදී කියා සිටියා. 

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.

මේ අතර අද (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරෙන නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනෙන් සංවාදයට ලක් කෙරෙන්නේ ‘‘නායකයින් බිහිවන්නේ ඔවුන්ගේ කේන්දරවල ඇති බලවත්කම මතද?’’ යන්නයි. 

 

(ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන)