Friday, April 26, 2024

General line - 0115112241

Hagibis නිසා රග්බි ලෝක කුසලාන තරග කිහිපයක් අවලංගු කරයි

දිනුක් හේවාවිතාරණ




ලෝක කුසලාන රග්බි තරගාවලි ඉතිහාසයේ පළමු වතාවට තරග කිහිපයක් අවලංගු කිරීමට තරග සංවිධායකවරුන්ට සිදුව තිබෙනවා. ඒ මෙම සති අන්තයේදී ජපානයට බලපෑමට නියමිතව තිබෙන Hagibis සුළි කුණාටුව හේතුවෙන්ය.

ඒ අනුව මෙම සෙනසුරාදා පැවැත්වීමට නියමිත නවසීලන්තය සහ ඉතාලිය අතර තරගය ද ප්‍රංශය සහ එංගලන්තය අතර තරගය අවලංගු කිරීමටයි රග්බි ලෝක කුසලාන තරග සංවිධායකවරුන් තීරණය කර ඇත්තේ. මේ අතර ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිත ස්කොට්ලන්තය සහ ජපානය අතර තරගය සම්බන්ධයෙන් අද සවස් වන විට තීරණයක් ගන්නා බවයි සංවිධායකවරුන් සඳහන් කරන්නේ.

 Hagibis සුළි කුණාටුව හේතුවෙන් මෙම තරග අවලංගු කිරීමට සිදුකිරීමට සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව පලකරන අතරම ක්‍රීඩකයින්, ප්‍රේක්ෂකයින් ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවන බවයි තරග සංවිධායකවරුන් ප්‍රකාශ කර සිටින්නේ.

 Hagibis සුළි කුණාටුව මෙම සෙනසුරාදා අලුයම වන විට ජපානයට ඇතුල්වනු ඇති බවත් එහි වේගය පැයට කිලෝමීටර් 216කට වඩා අධික වනු ඇති බවයි එරට කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කරන්නේ. එමෙන්ම දැඩි වර්ශාපතනයක් මෙන්ම මුහුදු රළ ගොඩබිමට ඇදී ඒමේ ප්‍රවනතාවයක් ඇති බැවින් ජනතාවට කල්පනාකාරී වන ලෙසයි ජපාන බලධාරීන් අනතුරු අඟවා සිටින්නේ.