Friday, April 19, 2024

General line - 0115112241

ලොව දුප්පත් රටවල වාර්තාව එළිදක්වයි : ශ්‍රී ලංකාව 36 වෙනි ස්ථානයට

හේමන්ත කහවලගේ / පවිත්‍රා මධුහර්ෂනි




ෆෝකස් ඉකොනොමික්ස් නම් ආර්ථික විශ්ලේෂක ආයතනයක් ලොව දුප්පත් රටවල්වල නවතම වාර්තාවක් එළිදක්වා තිබෙනවා. ඒ, රටවල් 126 ක දළ දේශීය නිෂ්පාදිත සලකා බලමින්. ඒ අනුව අදාළ ලැයිස්තුවේ ලොව දුප්පත්ම රටවල් අතර පළමු ස්ථානය හිමිව ඇත්තේ කොංගෝ ජනරජයටයි. ලොව දුප්පත්ම රටවල් අතර දෙවන හා තෙවන ස්ථානවල පිළිවෙළින් මොසැම්බික් රාජ්‍යයට හා උගන්ඩා රාජ්‍යය පසුවනවා.

ශ්‍රී ලංකාවට ලොව දුප්පත්ම රටවල් අතර හිමිව ඇත්තේ 36 වන ස්ථානයයි. ෆෝකස් ඉකොනොමික්ස් ආර්ථික විශ්ලේෂක ආයතනය 2017 වසරේදී එළිදැක්වූ ලොව දුප්පත් රටවල් ලැයිස්තුවේදී ද ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 36 වන ස්ථානයම වීම විශේෂත්වයක්.

ඉන්දියාව හා පකිස්තානය පිළිවළින් එම ලැයිස්තුවේ 19 වන හා 12 වන ස්ථානයේ පසුවනවා. අමෙරිකාව එම ලැයිස්තුවේ 121 වන ස්ථානයේ පසුවන අතර රුසියාව එහි 71 වන ස්ථානයේත්, චීනය එහි 69 වන ස්ථානයේත් පසුවනවා.