Thursday, April 25, 2024

General line - 0115112241

සජිත් කියන්නේ ජනතාව තුලින් මතුවූ නායකයෙක් : අගමැති කියයි




" රටට අවශ්‍ය වෙන්නේ ජනතාව තුලින් බිහිවෙන නායකයෙක්. මම කියන්න කැමැති සජිත් කියන්නේ ජනතාව තුලින් මතුවුනු නායකයෙක් කියලා" අගමැති රනිල් වික්‍රමසිංහ ගාලුමුදොර පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැළිය අමතමින් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති අපේක්ෂකයා ලෙසට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව නම් කිරීමෙන් පස්සේ අපේ විරුද්ධවාදීන් අපේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාට විරුද්ධ එක එක පහර ගැසීම් සිදුකරමින් සිටිනවා. එදා රණසිංහ ප්‍රේමදාස මහතා සමග එකට වැඩ කරනු ලැබූ අමාත්‍යවරයෙක් ලෙසට මම ඒ ගැන යම් පැහැදිලි කිරීමක් සිදුකරන්න ඕන.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පහෙන් එකක් මැතිවරණයේදී ජය ගත්තේ රණසිංහ ප්‍රේමදාස මහතා නිසයි. එතුමා තමයි පවුල්වාදය, වැඩවසම් ක්‍රමය නැති කරමින් රටට යහපතක් ගෙන එන්න කටයුතු කලේ. මොකද රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිතුමා ගේ කර්මාන්ත ඇමති හැටියට කටයුතු කලේ මම. 

කර්මාන්ත ශාලා 200 ක් දිවයින පුරා විවෘත කරන්න පැහැදිලි දැක්මක් ඇතුව වැඩ කරන්න රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා සිදුකලේ. එතුමා කරපු වැඩේ තමයි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා හැටියට පත් කලාට පස්සේ කරන්න යන්නේ.

මම මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ අපිට කියන්න ඕනේ හම්බන්තොටට අක්කර දස දහසේ කර්මාන්තපුරය එපාද කියලා. ඉදිරියේදී ගාලුමුවදොර ක්‍රීඩාංගනය තවත් මීටර් 40 ක් මුහුද පැත්තට ගෙනියනවා. ඒ වගේ විශාල වෙනසක් කරන්නයි අපේ බලාපොරොත්තුව.

මම සජිත් ප්‍රේමදාස දේශපාලනයට ආවම මම ඇහුවා ඇයි මැද කොළඹට එන්නේ නැත්තේ කියලා. එතකොට මට ඔහු කිව්වා මට හම්බන්තොට දෙන්න කියලා. මට ඕන දුප්පත් ජනතාව සමග ඉන්න ඕන කියලයි සජිත් මට එදා කිව්වේ. එදා ඉදලා හම්බන්තොට දුක් විදින ජනතාවට අවශ්‍ය උපකාර කරමින් තිබෙන පවුල්වාදයෙන් ජනතාව ගලවා ගෙන එතුමා බිහිවෙන්නේ.
 

......................................................................

සජිත්ගේ මංගල රැළිය ආරම්භ වෙයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබෙනවා. මිට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැලිය සඳහා එක්වීමට පැමිණියා. 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ රැලිය නිසා මේ වන විට ගාලු මුවදොර, කොල්ලුපිටිය, බම්බලපිටිය හා අවට මාර්ග වල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙනවා.