Wednesday, April 24, 2024

General line - 0115112241

පකිස්තානයට ගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ගේ ගෙවීම් දෙගුණ කරයි

කසුන් කැලුම්




පාකිස්තානු තරග සංචාරයට එක්ව ඉතිහාසගත 20 යි 20 තරගාවලි ජයක් හිමිකර දුන්  ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සංචාරයට එක් වූ කී‍්‍රඩකයෙකුට ලබාදීමට නියමිත තිබූ අමෙරිකානු ඩොලර් 50,000 ක මුදල අමෙරිකානු ඩොලර් ලක්‍ෂයක් දක්වා වැඩි කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ජේ්‍යෂ්ඨ කී‍්‍රඩකයින් ආරක්‍ෂක තත්ත්වය පිළිබද සළකා මෙම තරග සංචාරයට එක් නොවද්දී යොවුන් කී‍්‍රඩකයින් ලොව අංක එකේ 20 යි 20 කණ්ඩායමට එරෙහිව ලද මෙම ජයග‍්‍රහණය වෙනුවෙන්  මෙම මුදල් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම තරග සංචාරයට එක් වූ එක් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු සදහා එක් කෝටි පනස් ලක්‍ෂයකට අධික මුදලක් පිරිනැමෙනු ඇති.