Friday, March 29, 2024

General line - 0115112241

ගෝඨාභයට සහය දුන්නේ ඇයි? හිටපු ජනපතිනිය දයාසිරි ගෙන් අසයි 

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සිය නොසතුටට පළකර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරිය විසින් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ගෙන් විමසා  ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් තමන් ‌පොහොට්ටුව සමග ‌එක්වීමකට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති විට, ඔබ ගෝඨාභයට සහාය දීමට තීරණය කරන්නේ කෙසේද? මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලුමනින්ම පාවාදීමක් යනුවෙනි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූයේ සිය පක්ෂය එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයට සම්බන්ධ වූ නිසා නොවන බවත්, අපේ නායකයාට (ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන) සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසාත්, රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ වලට රැවටීමත්, යහපත විනාශ කර පක්ෂය අවුල් කිරීමත් ඊට හේතු වීමෙන් බවයි හිටපු ජනාධිපතිවරිය මෙහිදී අවධාරණය කර ඇත්තේ.

හිටපු ජනාධිපතිනියගේ නිල ෆේස්බුක් ගිණුමේ තබා තිබු සම්පුර්ණ සටහන පහතින් දැක්වේ,