Thursday, April 25, 2024

General line - 0115112241

කෙසේල්ගමු ඔයේ ගසා ගෙන ගිය තිදෙනෙක් බේරා ගැනේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




බගවන්තලාව, මහඑලිය රක්ෂිතයට ඊයේ (10) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුව ගසා ගෙන ගිය පුද්ගලයින් තිදෙනෙක් මුදා ගැනිමට බගවන්තලාව පොලිසිය සමත් වි තිබෙනවා.

මහඑලිය රක්ෂිතයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය බගවන්තලාව ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා එක්වරම පහත්බිම් රැසක් ඊයේ (10) පස්වරුවේ යටව තිබෙනවා. පහත් බිම් හරහා යෙදි ඇති මාර්ග හරහා ගමන් කරමින් සිටි තරුණයෙකු සැඩ පහරට හසු වි ගසාගෙන යන අවස්තාවේ වතු කම්කරුවන් පිරිසක් එක් වි එම තරුණයා බේරා ගැනිමට සමත් වු බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මේ අතර බගවන්තලාව කෙසෙල්ගමුඔයේ මාළු ඇල්ලිමට ගිය තරුණයන් දෙදෛනෙක් සැඩ පහරට හසු වි තේ වත්තේ කන්දක් මත ආරක්ෂිතව සිටියදි පැය කිහිපයකට පසු කෙසෙල්ගමුඔයේ ජල මට්ටම පහල බැසිමෙන් පසු එම තරුණයන් දෙදෙනාද බේරා ගැනිමට හැකි වු බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

කෙසෙල්ගමු ඔයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 6 දක්වා ඉතා ආසන්න වි ඇති බවත්, අක්කර අඩි අනු හතර දහසකට ආසන්න වපසරියකින් යුක්ත මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටටමට අඩි 2 දක්වා ආසන්න වි ඇති බවයි එම  ජලාශයන් භාර ඉංජිනේරුවන් කියා සිටියේ.