Friday, April 26, 2024

General line - 0115112241

බීමත් වූ ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනා ධුරයෙන් නෙරපයි




ක්‍රීඩා නේවාසිකාගාරයට බීමතින් පැමිණි ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායමේ කාන්තා සහ පිරිමි පුහුණුකරුවන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ කාන්තා කබඩි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දික සනත් කුමාර සහ පිරිමි කබඩි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නුවන් කපිල බණ්ඩාර යන අය එම තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

මෙලෙස බීමත්ව පැමිණි මෙම පුහුණුකරුවන් දෙදෙනා කොළඹ පෞද්ගලික රෝහලක රුධිර පරීක්‍ෂණයක් සදහා ඊයේ (10) කැඳවා තිබුණා. ඔවුන් ඊටද සහභාගි නොවූ බවයි ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ සදහන් කළේ.

ඒ අනුව කාන්තා සහ පිරිමි කබඩි කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් දෙදෙනා වැඩබලන ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කළ බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.