Saturday, April 20, 2024

General line - 0115112241

සුළි කුණාටු නිසා ජපාන ජන ජීවිතයට දැඩි බලපෑම්




ජපානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එරට ජන ජීවිතයට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. පීඩාවට පත් පිරිස් බේරා ගැනීම සඳහා හමුදාවේ 27,000 ක් අනියුක්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුව හේතුවෙන් අද (13) වන විට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රදේශ රැසක ජල ගැලීම් ද හටගෙන ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ටෝකියෝ නුවර පමණක් විදුලි බලය අහිමිවී ඇති නිවාස සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසකට අධිකයි. දුම්රිය සහ ගුවන් ගමන් සේවා ද ඇණහිට ඇති අතර සමස්තයක් ලෙස ගත් කල, පුද්ගලයින් මිලියන 07 කට පමණ බලපෑම් එල්ල වී ඇති බව ද සඳහන්. 

ජපානයට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන රග්බි ලෝක කුසලානයට මෙන්ම ෆෝර්මියුලා වන් මෝටර් රථ ධාවන තරඟාවලියට ද බලපෑම් එල්ල වුණා.