Wednesday, April 24, 2024

General line - 0115112241

ලෝක කුසලාන රග්බි තරගාවලියේ වාර්තා පොත ජපානය අලුත් කරයි




ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, වේල්සය, ප‍්‍රංශය, ජපානය සහ දකුණු අපි‍්‍රකාව සමත්වී තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ස්කොට්ලන්තය පරදා ජපානය ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයයි. 

ඒ අනුව ජපානය ඉතිහාසයේ පළමුවරට ලෝක කුසලාන රග්බි තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ජපානය සහභාගී වන අර්ධ අවසන් පූර්ව තරගය ලබන ඉරිදා දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙනවා.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ලබන සෙනසුරාදා ආරම්භවන්නේ එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගයෙන්.