Friday, April 19, 2024

General line - 0115112241

පියාගේ ගැටලුවට නව නිපයුමකින් විසඳුමක් දුන් පුතෙක්

අමදෝරු අමරජීව




අනෙකා වෙනුවෙන් සේවය කිරීමට මෙන්ම තම අරමුණු ජය ගැනීමට දුප්පත්කම බාධාවක් කර නොගත් දිරිය මිනිසුන් සමාජයෙන් අපට මුණ ගැසෙනවා. අද (14) නෙත් ගුඞ් නිවුස් හරහා මෙලෙස අනාවරණ කරන්නේ ද රටට ද ගෞරවයක් ගෙන දෙමින්, තම අරමුණු ජය ගනිමින් අනෙකාගේ සතුට වෙනුවෙන් කටයුතු කරන පාසල් සිසුවෙක් පිළිබඳවයි.

කන්තලේ ගංතලාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු නමින් චතුර මධුමාල්. ඔහු විසින් නිපදවනු ලැබූ, ”ඇවිදින විට බැටරි ආරෝපණය වන උපකරණය” කැනඩාවේ පැවති 2019 ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයකදී රනින් පිදුම් ලබනවා.

තම නිර්මාණයට තමන් ජීවත් වන පරිසරයෙන්ම ලද අත්දැකීම් පිළිබඳව චතුර මධුමාල් සිසුවා නෙත් නිව්ස් වෙත විස්තර කළා.

එහිදී ඔහු සඳහන් කළේ "අපේ තාත්තා දුර රැකියාවකට තමයි යන්නේ. ඔහු පා ගමනින් සැළකිය යුතු දුරක් යනවා. ඉතින් ෆෝන් එකේ බැටරි එක බහින එක තමයි ප්‍රශ්නය වෙලා තිබ්බේ. පොඩි ළමයින්ගේ ඇවිදිනකොට ශබ්දය ඇහෙන සපත්තු තියෙන්නේ. ඒක මතක් වෙලා මට අදහසක් ආවා. ඇවිදිනකොට ෆෝන් එක චාර්ඡ් කර ගන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතුනා. ඒ අදහස තමයි මම වැඩිදියුණු කර ගත්තේ. " යනුවෙනි.

ජාත්‍යන්තර තරගයකදී විවෘත අංශයට නව නිපැයුම් අංශයකින් තරග වැදුණු එකම පාසල් සිසුවා වන්නේ ද ඔහුයි.

බාධා ජයගෙන අරමුණ කරා යමින් අනෙකාගේ සතුට වෙනුවෙන් කටයුතු කරන්න ඔබටත් හැකියි. නෙත් එෆ්. එම්. සතුටු සඳුදා අදයි.