Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වාර්තාව බිඳ දමමින් තවත් රටකින් ජනාධිපති අපේක්ෂකයෝ රැසක් ඉදිරිපත් වෙයි




2019 දෙසැම්බර් 12 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 139 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව ඇල්ජීරියානු ජාතික ස්වාධීන මැතිවරණ අධිකාරිය (ANIE) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

දෙසැම්බර් 12 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට ඔක්තෝම්බර් මස 25 වෙනිදා දක්වා ලියාපදිංචිවීම් සිදුකල හැකි බවයි එරට ස්වාධින මැතිවරණ අධිකාරිය සඳහන් කරන්නේ. 

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් අතර හිටපු අගමැතිවරුන් දෙදෙනෙක් වන Ali Benflis සහ Abdul-Majid Taboun ද සිටින අතර මේ දක්වා ලියාපදිංචිවී සිටින අපේක්ෂකයින් අතර හිටපු ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් රැසක්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

විවිධ දුෂණ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පසුගිය පෙබරවාරි මාසයේදී ඇල්ජීරියාවේ ඇතිවූ දැවැන්ත මහජන විරෝධතා හමුවේ හිටපු ජනාධිපති Abdul-Aziz Bouteflika සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා.

හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව රටේ පාලනය යුධ හමුදාව විසින් භාර ගැනීමෙන් අනතුරුවයි මාස 10 කට පසුව ජනාධිපතිවරණය පැවැත්වීමට පියවර ගෙන ඇත්තේ.