Saturday, July 4, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයි

3348Views


 


 

2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුපිරි පන්දු වාරයේදී ලකුණු සමවීමක් සිදුවුවහොත් වැඩිම හතරේ පහර එල්ල කළ කණ්ඩායමට තරගයේ ජයග‍්‍රහණය ලබා දීමේ නීතිය ඉවත් කිරීමටයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මින් ඉදිරියට සුපිරි පන්දු වාරයකදී කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගතහොත් එක් කණ්ඩායමක් ජයග‍්‍රහණය කරන තුරු නැවත නැවතත් සුපිරි පන්දුවාර කි‍්‍රයාත්මක කෙරෙන පරිදි එම නීතිය සංශෝධනය වී තිබෙනවා.

ඒ අනුව මෙම නව නීතිය මීට පෙර කි‍්‍රයාත්මක වුයේ නම් එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති අවසන් මහා තරගයේදී තවත් සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව හිමිවන බවයි කි‍්‍රකට් විචාරකයින් පෙන්වා දෙන්නේ. එම නීති සංශෝධනය කර ඇත්තේ ඩුබායිහි ඊයේ (14) පැවති අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමකදීයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් කි‍්‍රයාත්මක වූ අතර පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල කිසිවෙකු නොදවී ලකුණු 15ක් රැස් කළා. 

නවසීලන්ත කණ්ඩායමද සුපිරි පන්දු වාරයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් රැස් කලද තරගයේ එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව අනුව එංගලන්තයට ලෝක කුසලානය හිමි වුණා. තරගයේ ජය පැරදුම තීරණය කළ එම නීතිය සම්බන්ධයෙන් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ විචාරකයින් රැසක් දැඩි විවේචන එල්ල කළා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here