Tuesday, April 16, 2024

General line - 0115112241

විදෙස් ණය ගෙවීමට අලුතින් පත්වන ආණ්ඩුවට ඇති සැළසුම



ශ‍්‍රී ලංකාවේ විදෙස් ණය ගෙවීම සඳහා අලුතින් පත්වන ආණ්ඩුවට නව සැලසුමක් ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉකුත් ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 7,400 ක්ව තිබූ නමුත්, ණය ගෙවීම සඳහා ඒවනවිට රටේ ආර්ථිකය ශක්තිමත්ව තිබූ බවයි. 2014 වනවිට මෙරට ආර්ථිකය ඩොලර් බිලියන 80 දක්වා වැඩිවී තිබූ බව ද මෙහිදී සිහිපත් කෙරුණා. 

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්. එම වැඩසටහන සඳහා ආචාර්ය පි‍්‍රයාද් බන්දුවික‍්‍රම ද එක්වුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහනට පහතින් ශ‍්‍රවණය කළ හැකියි.