Wednesday, April 24, 2024

General line - 0115112241

කි‍්‍රකට් තරග වැඩිකිරීමට ICCයෙන් තීරණයක්




ලොවපුරා සංවිධාන කරන කි‍්‍රකට් තරග වැඩිකිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, 2023 වසරේ සිට 2031 දක්වා කාලය තුළයි.

සාමාන්‍යයෙන් ICC ය වසර 08 ක් වෙනුවෙන් සකස් කෙරෙන නව තරග සැලසුමෙහි මෙම තොරතුරු ඇතුළත්. ඒ අනුව අදාළ කාලය තුළ ලෝක කුසලාන 02 ක්, පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන 04 ක් සහ තවත් එක්දින තරග ආකෘතියේ ප‍්‍රධාන තරගාවලි 02 ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව සෑම වසරකටම ගෝලීය වශයෙන් කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම ප‍්‍රධාන තරගාවලියක් පැවැත්වීම ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ අරමුණයි.

කෙසේවෙතත්, මෙම තීරණයට ඉන්දියාව සිය විරෝධය පළ කර ඇති බව ද කී‍්‍රඩා මාධ්‍යයන්හි සඳහන්. 

කෙසේවෙතත් ඉන්දියාවේ විරෝධය නොතකමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය නිකුත් කළ නව තරග සැලසුමට අනුව 2023 වසරේ සිට 2031 දක්වා කාලය ලොව පුරා පැවැත්වීමට නියමිත ප‍්‍රධාන කි‍්‍රකට් තරගාවලි සංඛ්‍යාව 24 ක්.